ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

වැවිලි අමාත්‍යාංශය



Guidance Price of Natural Rubber for the week 2nd October - 08th October : || RSS 3 Farmgate price (per kg) : LKR 512 || TSR 20 Market price (per kg) : LKR 469 || Latex (60% per 1kg wet weight) : LKR 359||

ස්වභාවික රබර් සඳහා මාර්ගෝපදේශ මිල

කෘෂිකාර්මික අමුද්‍රව්‍යය නිෂ්පාදකයා මිල ගණන් තක්සේරු කරන්නේ නිෂ්පාදකයාගේ මනසේ ඇති යම් නිශ්චිත මිලකට ඒවා සංසන්දනය කරමිනි. මෙම සංසන්දනය නිෂ්පාදකයාට යම් මිලක් "හොඳ” හෝ "නරක" යන්න පිළිබඳ අදහසක් ලබා දෙයි. ජාත්‍යන්තර වෙළඳාම තුළ රබර් වෙළඳාම සිදුවීම හේතුකොටගෙන කිසිදු තනි පුද්ගලයෙක් හෝ සංවිධානයකට ඒවායේ මිල නියම කළ නොහැකිය. රබර් සඳහා සාධාරණ මිලක් අපේක්ෂා කරන්නේ, බාහිර බලපෑම් හැර, දේශීය වෙළඳපොලේ මිලෙහි අනපේක්ෂිත වෙනසක් සිදු නොවන බව සහතික කිරීමයි. දේශීය වෙළඳපොලේ ස්වභාවික රබර් වෙළඳාම සඳහා සාධාරණ මාර්ගෝපදේශ මිලක් ස්ථාපිත කිරීම සඳහා අපි ගෝලීය වෙළඳපොලේ රබර් මිලෙහි වෙනස්වීම් අඛණ්ඩව විශ්ලේෂණය කරන්නෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගොවීන්ට සහ ගැනුම්කරුවන්ට තම මිල ගණන් ජාත්‍යන්තරව පවතින රබර් මිල හා සැසඳිය හැකි බව දැන, විශ්වාසයෙන් යුතුව නිෂ්පාදනය කිරීම හෝ මිලදී ගැනීම සිදුකළ හැකිය. සිංගප්පූරු වෙළඳ භාණ්ඩ හුවමාරුවේ (SICOM) දුම්ගැසූ ෂීට් රබර් (RSS 3) මිල, අනාගත මිල සහ තායිලන්තයේ බැංකොක් වෙළඳපොලේ RSS 3 භෞතික මිල භාවිතා කරමින් මාර්ගෝපදේශ ෂීට් රබර් මිල (Guidance Price of RSS 3) සංවර්ධනය කර ඇත. මීට අමතරව මැලේසියානු වෙළෙඳපොළේ රබර් කිරිවල භෞතික මිල සැලකීමෙන් රබර් කිරි මාර්ගෝපදේශක මිල ඉදිරිපත් කර ඇත. ඉහත කාණ්ඩ දෙකට අමතරව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය විසින් SICOM හි TSR 20 අනාගත මිලට සහ තායිලන්තයේ බැංකොක් වෙළඳපොලේ භෞතික මිලට අනුකූලව TSR 20 මාර්ගෝපදේශක මිල ද ලබා දෙයි. ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය සෑම සඳුදා දිනකම රබර් සඳහා මාර්ගෝපදේශ මිල යාවත්කාලීන කරයි.

 

2023 ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 වනදා දක්වා වූ සතිය සදහා ස්වභාවික රබර් සඳහා මාර්ගෝපදේශ මිල
RSS 3 Farmgate price (per kg)  : LKR 512
 
TSR 20 Market price (per kg)     : LKR 469
 
Latex (60% per 1kg wet weight) : LKR 359
 

වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk