ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

වැවිලි අමාත්‍යාංශය



උපයෝගිතා පර්යේෂණ ඒකකය

 

දැනට මහා පරිමාණ වතු සඳහා නිර්දේශිත තාක්ෂණය විද්‍යාත්මක දැනුම හා ගොවි අත්දැකීම් මත සුළු ඉඩම් හිමියන් සඳහා ගැළපෙන අයුරින් ප්‍රසාදනය කිරීමත් ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන්ට ගැලපෙන අයුරින් තාක්ෂණය උත්පාදනය කිරීම සඳහා පර්යේෂණ සිදු කිරීමත් මෙම ඒ්කකයේ අරමුණ වේ. ඒ් අතරින් සාම්ප්‍රාදායික නොවන ප්‍රදේශ සඳහා යෝග්‍ය රබර් ආශ්‍රිත වගා පද්ධති සංවර්ධනය කිරීම සහ එමඟින් ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි ඇති කරන බලපෑම අධ්‍යයනය කිරීම ප්‍රධාන තැනක් ගනී.

ප්‍රධාන පර්යේෂණ නිලධාරි

ආචාර්ය ඊ.එස් මුණසිංහ මිය
enokamunasinghe[at]yahoo.com

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබා ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පාරිසරික ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත. 2005 දී පර්යේෂණ නිලධාරිනියක ලෙස ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයට සම්බන්ධ වී වර්තමානයේ උපයෝගිතා පර්යේෂණ ඒකකයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියි. විද්‍යාත්මක ප්‍රකාශන 60 කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පර්යේෂණ සඳහා වූ ජනාධිපති සම්මාන (2004), ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටත්වය සඳහා වූ ජාතික සම්මාන (2014), විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජාතික පර්යේෂණ කවුන්සිලයේ කුසලතා සම්මාන (2014) ආදියෙන් පිදුම් ලබා ඇත. රබර් ශාකයන්හි දැව, ජෛව ස්කන්ධ හා කාබන් තිරකිරීම තක්සේරු කිරීම සඳහා ආකෘති හඳුන්වාදීම, විවිධ වගා තත්ත්වයන් යටතේ රබර් වගාවේ මූල්‍ය හා ආර්ථික ශක්‍යතාව තක්සේරු කිරීම, කෙටි ආර්ථික ආයු කාලයක් පවත්වා ගැනීම තුළින් රබර් වගාවෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම, සාම්ප්‍රදායික නොවන ප්‍රදේශයන්හි රබර් වගා කිරීමට අදාළ ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම හා එමඟින් ඇතිවන සමාජ ආර්ථික හා පාරිසරික බලපෑම ප්‍රමාණීකරණය කිරීම, රබර් ආශ්‍රිත කාබන් වෙළඳාම සහ රබර් වගාවේ කාබන් පියසටහන ගණනය කිරීම යන පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන්හි නියැලී සිටී.

 

පර්යේෂණ නිලධාරි

බී.එම්.ඩී.සී බාලසූරිය, BSc Agric  (SL)
dcbalasooriya[at]yahoo.com

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබා ඇත. 2005 වසරේදී පර්යේෂණ නිලධාරිණියක ලෙස ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ සේවයට සම්බන්ධ වූ අතර 2017 වර්ෂයේ සිට ආයතනයේ පොල්ගහවෙල උප මධ්‍යස්ථානයට අනුයුක්තව සේවා කටයුතු ඉටුකරමින් සිටියි. වර්තමානයේදී රබර් වගාකරුවන්ගේ සමාජ ආර්ථික තත්ත්වය අධ්‍යයනය, කුඩා රබර් ඉඩම් හිමියන්ගේ වගාබිම් ආශ්‍රිත තත්ත්වය අධ්‍යයනය, උපයෝගිතා පර්යේෂණ සහ කුඩා වතු හිමියන් සඳහා වන රබර් ආශ්‍රිත වගා පද්ධති අධ්‍යයනය යන පර්යේෂණ වල නිරතව සිටී. රබර් පර්යේෂණ ආයතනයෙහි රාජකාරි වල යෙදී සිටින අතරම ඇය මේ වන විට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටී.

  • ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයට අයත් නැගෙනහිර පළාතෙහි රබර් වගා කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම. පදියතලාව සහ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල ගොවි ජනතාවට ස්ථිර ආදායමක් ඇති කරමින් කුඩා රබර් වතු හිමියන්ගේ ඉඩම් වල අස්වනු නෙලීම ආරම්භ කිරීම.
  • නැගෙනහිර පළාතේ රබර් ගොවීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා රබර් වගාවේ දායකත්වය ප්‍රමාණීකරණය කිරීම. නැගෙනහිර පළාතේ රබර් වගාව නිසා සිදුවන පාරිසරික බලපෑම් තක්සේරු කිරීම.
  • ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ රබර් වගා කිරීම සඳහා අතුරු නිර්දේශයක් නිකුත් කිරීම. වවුනියා දිස්ත්‍රික්කයේ රබර් වගා කරන ලද කුඩා වතු හිමියන්ගේ රබර් කිරි අස්වනු නෙලීම ආරම්භ කිරීම.
  • උතුරු පළාතේ රබර් වගාව සඳහා පවතින ශෂ්‍ය විද්‍යාත්මක, සමාජ ආර්ථික හා සංස්කෘතික සීමාවන් හඳුනා ගැනීම.
  • උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, ගලෙන්බිඳුනු වැව සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි රබර් වගා කිරීමේ ශක්‍යතාව හඳුනා ගැනීම.
  • රබර් වගාවේ ආර්ථික ආයු කාලය අඩු කිරීම තුළින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව හඳුනා ගැනීම.
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා රබර් ඉඩම් හිමියන් තුළ ප්‍රධාන ශෂ්‍ය විද්‍යාත්මක නිර්දේශයන් පිළිබඳ ඇති දැනුවත්භාවය සහ ඒ කෙරෙහි දක්වන ආකල්ප හඳුනා ගැනීම.
  • ඌව සහ නැගෙනහිර පළාත් වල නව රබර් වගාවෙන් තිර කරනු ලබන කාබන් ස්වේච්ඡා කාබන් වෙළඳපළ වෙත යොමු කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කිරීම.
  • රබර් වගාව සඳහා කාබන් පියසටහන ඇස්තමේන්තු කිරීම.

 

  • වියළි කලාපයේ රබර් වගා කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම.
  • නැගෙනහිර පළාතේ රබර් වගාව ආශ්‍රිත සමාජ ජීවන චක්‍රය ඇස්තමේන්තු කිරීම.
  • සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ තුළ රබර් වගාව සඳහා ශෂ්‍ය විද්‍යාත්මක හා සමාජ ආර්ථික යෝග්‍යතාව ඇති නව ප්‍රදේශ හඳුනා ගැනීම.
  • සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ සඳහා සුදුසු විවිධ රබර් ආශ්‍රිත වගා ආකෘති හඳුන්වාදීම හා තක්සේරු කිරීම.
  • අළුතින් හඳුන්වා දෙන ලද ක්ෂීරපායි සත්ත්ව විකර්ෂකය අතරමැදි කලාපයේ කුඩා රබර් ඉඩම් සඳහා භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීම.
  • සාම්ප්‍රදායික ප්‍රදේශ වල කුඩා රබර් ඉඩම් හිමියන්ගේ වගාවේ තත්ත්වය පිළිබ ද අධ්‍යයනය
  • රබර් සමඟ මී මැසි පාලනය.
  • කුඩා රබර් වතු හිමියන් රබර් වගාවේ නිර්දේශ කෙරෙහි දක්වන ආකල්ප, ඒවා අනුගමනය කිරීම සහ ඒ තුළින් ඇතිවන ආර්ථික බලපෑම අධ්‍යයනය කිරීම
  • රබර් වතු ප්‍රජාව රැකියා අවස්ථා සොයා ගැනීමේදී ඒ සඳහා ස්ත්‍රී පුරුෂ භාවයෙහි බලපෑම හඳුනා ගැනීම.
  • රබර් වතු ප්‍රජාව තුළ පවතින ළමා සුරක්ෂිතතාවය සහ ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රවනතා අධ්‍යයනය කිරීම.
  • රබර් වතු ප්‍රජාව තුළ තරුණ පරපුර මුහුණ දෙන ගැටළු සහ රබර් වගාව පිළිඹඳ ඔවුන්ගේ ආකල්ප හඳුනා ගැනීම.
  • ඌව සහ නැගෙනහිර පළාත් වල නව රබර් වගාවෙන් තිර කරනු ලබන කාබන් ඇස්තමේන්තු කිරීම හා ඒ සඳහා ප්‍රමිති සහතික ලබා ගැනීම.
  • රබර් වගාව හා බැඳුණු ආයතන වල කාබන් පියසටහන ඇස්තමේන්තු කිරීම.

 

  • ආචාර්ය ඊ.එස් මුණසිංහ මිය;
    පර්යේෂණ සඳහා වූ ජනාධිපති සම්මානය (2004)
    ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටත්වය සඳහා වූ ජාතික සම්මානය (2014)
    විද්‍යාත්මක ප්‍රකාශනය සඳහා වූ ජාතික පර්යේෂණ කවුන්සිලයේ කුසලතා සම්මානය (2014)

     

  • සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වල රබර් වගාවන් ස්ථාපනය සඳහා අවශ්‍යවන තාක්ෂණික දැනුම සැපයීම.
  • මූලික සහ පශ්චාත් උපාධි සිසුන්ගේ පර්යේෂණ අධීක්ෂණය කිරීම.
  • කාර්මික විද්‍යාල සහ විවිධ පුහුණු ආයතනවල සිසුන් පුහුණු කිරීම.
  • Munasinghe, E. S., Rodrigo, V. H. L., Jayathilake, P. M. M., Piyasena N. M. and Iqbal, S. M. M. (2019). Livelihood capital improvements in the rubber growing community of the Eastern Province of Sri Lanka Proceedings of the Seventh Symposium on Plantation Crop Research, Sri Lanka. 123-134.
  • Balasooriya, B. M. D. C., Edirisinghe, J. C., Seneviratne, P. and Piyasena, N. M. (2019). Status of Farmer Awareness and Adoption of Recommended Technologies in the Smallholder Rubber Sector in Kegalle District. Proceedings of the Wayamba University Research Congress. Senate Research and Higher Degrees Committee, Wayamba University of Sri Lanka. 95 -96.
  • Balasooriya, B. M. D. C., Edirisinghe, J. C. and Seneviratne, P. (2019). Nexus between Awareness of Recommendations and Income from Rubber Cultivation: A Structural Equation Model [SEM]. Sri Lankan Journal of Economic Research, 6(2).
  • Munasinghe, E. S. and Rodrigo, V. H. L. (2018). Lifespan of rubber cultivation can be shortened for high returns: a financial assessment on simulated conditions in Sri Lanka. Experimental Agriculture. 54(3), pp 323-335.
  • Munasinghe, E. S., Rodrigo, V. H. L., Jayathilake, P. M. M and Piyasena, N. M. (2018). Assessing the impact of rubber cultivation in non traditional areas for rural livelihood development in the Eastern province of Sri Lanka. Proceedings of the Second International Agricultural Research Symposium 2018. Sri Lanka Council for Agricultural Research Policy. 126.
  • Hettiarachchi, H.A.I.U., Balasooriya, B. M. D. C. and Edirisinghe J.C. (2018) Scale Efficiency in Smallholder Rubber Sector in Kegalle District: A Data Envelopment Analysis. Proceedings of the 17th Agricultural Research Symposium. Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka. 330 -334.
  • B. M. D. C., Edirisinghe, J. C. and Seneviratne, P. (2018). Impact of perception, awareness and adoption of technologies in reducing production variability in smallholder rubber cultivations in Kurunegala district. Proceedings of the Wayamba University Research Congress, Wayamba University of Sri Lanka. July 56 -57.
  • Premarathna, G.N.S., Munasinghe, E.S., Rodrigo, V.H.L., Ginigaddara, G.A.S. and Bandara, A.M.K.R. (2017). Ground Level Impediments for Proper Adoption of Rubber Cultivation in Northern Province of Sri Lanka. Journal of the Rubber Research Institute of Sri Lanka. 97.
  • Premarathna, G. N. S., Ginigaddara, G. A. S., Munasinghe, E. S., Bandara, A. M. K. R. and Rodrigo, V. H. L. (2017). Socio-economic, cultural and agronomic limitations for adaptation of rubber cultivation in Northern province of Sri Lanka. Proceedings of 9th Annual Research Symposium, Faculty of Agriculture, Rajarata University of Sri Lanka, Rajarata University of Sri Lanka. 12.
  • Iqbal, S. M. M., Rodrigo, V. H. L., Munasinghe, E. S., Balasooriya B. M. D. C., Kudaligama, K. V. V. S., Jayathilake, P. M. M. and Randunu, R. P. S. (2016). Growth performance of young rubber (Hevea brasiliensis) in the Dry Zone of Sri Lanka; an investigation in Vavuniya District. Proceedings of the Sixth Symposium on Plantation Crop Research, Sri Lanka. 101-111.
  • Rupasinghe, P. V. S., Munasinghe, E. and Withanage, N. S., (2016). Effect of anti-transpirant in sustaining rubber leaf physiology under dry climatic conditions. Proceedings of the Third International Conference of Agricultural Sciences of Sabaragamuwa University of Sri Lanka, Sabaragamuwa University of Sri Lanka. 116-119.
  • Munasinghe, E. S. and Rodrigo, V. H. L. (2016). Effect of land productivity on the economic lifespan of rubber plantations; a situation analysis in Sri Lanka. Proceedings of the International Rubber Conference 2016, International Rubber Research and Development Board, Siem Reap, Cambodia. 21st – 22nd December 2016. 136-142.
  • Rodrigo, V. H. L. and Munasinghe, E. S. (2016). Competitive crops for rubber plantations; a comparative financial analysis under Sri Lankan conditions. Proceedings of the International Rubber Conference 2016, International Rubber Research and Development Board, Siem Reap, Cambodia. 21st – 22nd December 2016. 128-135.
  • Munasinghe, E. S., Rodrigo, V. H. L., Gunawardena, U. A. D. P. (2015). Biomass from rubber trees for renewable energy: a review of Sri Lankan scenario. Proceedings of the Twentieth International Forestry and Environmental Symposium 2015 of the Department of Forestry and Environmental Science, University of Sri Jayewardenepura, Sri Lanka, 81.
  • Kumara, P. R., Munasinghe, E. S., Rodrigo, V. H. L. and Karunaratna, A. S. (2015). Carbon footprint of rubber/sugarcane intercropping system in Sri Lanka; a case study. Fifth International Conference of Sabaragamuwa University of Sri Lanka, Sabaragamuwa University of Sri Lanka. 50-51.
  • Munasinghe, E.S., Rodrigo, V.H.L. and Gunawardena, U.A.D.P. (2014). Modus operandi in assessing biomass and carbon in rubber plantations under varying climatic conditions. Experimental Agriculture. 50(1), pp 40-58.
  • Rodrigo, V. H. L., Iqbal, S.M.M., Munasinghe, E. S. and Balasooriya, B. M. D. C. (2014). Rubber in East assures the perceived benefits; increased rubber production, amelioration of the climate and improved the rural livelihood. Proceedings of the Fifth Symposium on Plantation Crop Research, Sri Lanka. 219-227.

Services

  • Providing technical assistance to establish rubber in non-traditional areas
  • Supervising postgraduate and undergraduate students
  • Training of students from technical colleges and various training institutions

වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk