ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය



ශාක විද්‍යා දෙපාර්තමේන්තුව

 

මෙම දෙපාර්තමේන්තුවේ පුළුල් පරමාර්ථය වන්නේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා පිරිවැය ඵලදායි තාක්‍ෂණික ක්‍රමවේදයන් ශාක නිෂ්පාදනයේ සිට කිරි කැපීමේ අවස්ථාව දක්වා හඳුනා ගැනීම සහ නිර්දේශ කිරීමයි. රෝපන ද්‍රව්‍යවල ගුණාත්මකතාවය නිරන්තරයෙන් වැඩි දියුණු කරමින් පවතී. වගාවන්ගේ තත්වය වැඩිදියුණු කිරීම සඳහා සංස්ථාපන ක්‍රමවේදද, නිෂ්පාදන පිරිවැය අඩුකිරීම සඳහා විවිධ කිරි කැපීමේ ක්‍රමද පර්යේෂණය කෙරේ. අපරිනත අවධියේදී රබර් සමග අතුරු බෝග වගා ක්‍රම පිළිබඳ සොයා බලන අතර, අවශ්‍ය අවස්ථාවලදී නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ. අජීවී ආතති තත්වයන් යටතේ වර්ධනය හා අස්වැන්න වැඩි දියුණු කිරීම සඳහා ශාක කායික විද්‍යාත්මක හා අනුක ජීව විද්‍යාත්මක පර්යේෂණ සිදු කරනු ලැබේ. පර්යේෂණ කටයුතු වලට අමතරව, සේවා සහ උපදේශන කටයුතු වැදගත් කාර්ය භාරයන් ඉටු කරයි.

දෙපාර්තමේන්තු ප්‍රධානී

ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා, BSc (SL), MSc (India) PhD (India)
nayanakanthachamil7[at]gmail.com

ආචාර්ය එන්. එම්. සී. නයනකාන්ත මහතා දැනට ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහු 2014 වසරේ දී ඉන්දියාවේ, නවදිල්ලියේ, ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණායතනයේ (IARI) අනුක ජීව විද්‍යාව හා ජෛව තාක්‍ෂණය පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ලබා ඇති අතර, ඔහුගේ විද්‍යාවේදී (MSc) උපාධිය ලබාගෙන ඇත්තේ 2007 වසරේදී ඉන්දියාවේ පාන්ත්නගර් හී පිහිටි ගෝවින්ද් බල්ලාබ් පාන්ත් කෘෂිකර්ම හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයෙනි. ඔහු 1999 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය ලබා ගත්තේය. ඔහුගේ පර්යේෂණ ලිපි සහ අනෙකුත් ජයග්‍රහන සඳහා සම්මාන දහ හතරක් (14) විවිධ ජාතික හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලදී ලබාගෙන ඇත. ඔහු විසින් පර්යේෂණ පත්‍රිකා 50කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර සහ ජාතික සඟරා, බුලටින් සහ සම්මන්ත්‍රණ පත්‍රිකා හී ප්‍රකාශයට පත් කර ඇත. වර්තමානයේ ඔහු තවාන් ශිල්ප ක්‍රම, බීජ විද්‍යාව, කිරි අස්වනු නෙලීමේ ක්‍රම, ශාක කායික හා අනුක ජීව විද්‍යා අධ්‍යයනයන්ට අදාල පර්යේෂණ සිදු කරනු ලබන අතර, රබර් පැළ වල අජීවී ආතතික තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.

 

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි

ටි.යූ.කේ. සිල්වා මහතා, BSc Agric (SL), MPhil (SL)
tuksilva[at]yahoo.com

ටී.යූ.කේ. සිල්වා මහතා දැනට ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කරයි. ඔහු වන විද්‍යාව සම්බන්ධයෙන් තම දර්ශන ශ්‍රාස්ත්‍රපති උපාධිය 2007 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබා ඇති අතර, ප්‍රථම උපාධිය ලෙස කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය 1998 වසරේදී රුහුණු විශ්වවිද්‍යලයෙන් ලබාගෙන ඇත. දැනට ඔහු තම ආචාර්ය උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි පීඨයෙහි හදාරමින් සිටී. ටී.යූ.කේ. සිල්වා මහතා රබර් සමඟ අතුරු බෝග වගාව, රෝපණ ක්‍රම, කිරි කැපීම් තාක්‍ෂණය හා බෝග කායික විද්‍යාව සම්බන්ධ පර්යේෂණ සිදුකරමින් සිටී. ඔහු මේ වන විට පර්යේෂණ පත්‍රිකා 15ක් පමණ, සඟරා, බුලටින් හා සම්මන්ත්‍රණ පත්‍රිකා හි ප්‍රකාශයට පත් කර ඇත.

 

පර්යේෂණ නිලධාරි

ඩි.එස්.ඒ. නාකන්දල මහත්මිය, BSc Agric (SL),PhD (SL)
sashika75[at]yahoo.com

සෂිකා නාකන්දල මහත්මිය දැනට ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිණියක් ලෙස සේවය කරයි. ඇය රුහුණු විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්ම විද්‍යවේදී උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ද සහිතව 2002 වසරේදී ලබාගෙන ඇත. ඇය වසර 15 කට අධික කාලයක් රබර් පැළ තවාන්හි ක්‍ෂුද්‍ර ජල සම්පාදන පද්ධතීන් හා වියළි හා අතරමැදි කලාපයන්හි අහිතකර පාරිසරික තත්වයන් යටතේ රබර් වගා කිරීමේ ක්‍රම වේදයන් පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලබයි. ඇය 2018 වසරේදී තම ආචාර්යය උපාධිය ජල සම්පාදන හා ජල කළමනාකරණ තාක්‍ෂණය යටතේ සම්පුර්ණ කර ඇත. සෂිකා නාකන්දල මහත්මිය මේ වන විට පර්යේෂණ පත්‍රිකා 15ක් පමණ, සඟරා සහ දේශීය, විදේශීය සම්මන්ත්‍රණ පත්‍රිකා හි ප්‍රකාශයට පත් කර ඇත.

 

පර්යේෂණ නිලධාරි

ඩබ්ලිව්.එම්.එන්.ඩි. අල්විස් මහතා, BSc (SL)

එම්. එන්. ද අල්විස් මහතා මේ වන විට ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියෙකු (බොටැනිස්ට්) ලෙස සේවය කරයි. ඔහු 2005 වසරේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. ඔහු ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ තවාන් පරීක්‍ෂණ ඒකකයේ සාමාජිකයෙකු වන අතර, තත්ව සහතික කිරීම සඳහා රෝපන ද්‍රව්‍ය සහතික කිරීම පිළිබඳ වසර 29ක පළපුරුද්දක් ඇත. වර්තමානයේ ඔහු රබර් තවාන් හා පැළ සංස්ථාපනය සම්බන්‍ධ පර්යේෂණ සිදු කරයි. ඔහු දේශීය සඟරා, බුලටින් සහ රබර් පුවත් වල පලවු ලිපි 14ක සම කතෘවරයා ලෙස කටයුතු කර ඇත.

  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (අජීවී ආතතික හා නියං තත්ව යටතේ රබර් ශඛයේ කායික, ජෛව රසායන අංගයන් හා වර්ධන අංගයන් කෙරෙහි ජෛවී උත්තේජකයන් ලෙස මුරුංගා ශාක සාර යොදා ගැනීම) සඳහා හත්වන වැවිලි බෝග පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණයේදී “හොඳම සමස්ථ චාචික ඉදිරිපත් කිරීම” සඳහා වන සම්මානය හිමි විය.
  • “රබර් කර්මාන්තයට 2016-2018 කාලය තුල කරන ලද දායකත්වය” උදෙසා ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතාට හත්වන වැවිලි බෝග පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණයේදී සම්මානයන් හිමි විය.
  • කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය හා හයිබ්‍රෑන්ඩ් සමාගම සමඟ එක්ව සංවිධානය කල “තරුණ රබර් කර්මාන්ත වෘත්තිකයන් සඳහා වන නායකත්වය සහ ධාරිතා වර්ධන පුහුණු වැඩසටනේ රබර් අංශයේ හොඳම සහභාගිත්වය උදෙසා පිරිනමන “හයිමයින්ඩ් අයිඩියා මාස්ටර් සම්මානය” ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතාට හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (සෝඩියම් නයිට්‍රෝප්‍රසයිඩ් යොදා ගැනීමෙන් රබර් ශාකයේ වර්ධනය හා කායික විද්‍යාත්මක ලක්‍ෂණයන් අජීවී ආතතික තත්ව යටතේ වර්ධනය කරගත හැකි වීය) සඳහා දැණුම කළමණාකරණය සඳහා වන ජාත්‍යන්තර ආයතන විසින් සංවිධානය කරන ලද කෘෂිකර්මාන්තය පිළිබඳ 5වන ජාත්‍යන්තර සමුළුවේදී “හොඳම සමස්ථ වාචික ඉදිරිපත් කිරීම” සදහා වන සම්මානය හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (සෝඩියම් නයිට්‍රෝප්‍රසයිඩ් යොදා ගැනීමෙන් රබර් ශාකයේ වර්ධනය හා කායික විද්‍යාත්මක ලක්‍ෂණයන් අජීවී ආතතික තත්ව යටතේ වර්ධනය කරගත හැකි වීය) සඳහා දැණුම කළමණාකරණය සඳහා වන ජාත්‍යන්තර ආයතන විසින් සංවිධානය කරන ලද කෘෂිකර්මාන්තය පිළිබඳ 5වන ජාත්‍යන්තර සමුළුවේදී “හොඳම සමස්ථ වාචික ඉදිරිපත් කිරීම” සදහා වන සම්මානය හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (සෝඩියම් නයිට්‍රෝප්‍රසයිඩ් යොදා ගැනීමෙන් රබර් බීජ වල පැළවීමේ ධාරිතාවය හා කල්තබා ගැනීමේ හැකියාව වර්ධනය කරගත හැකි විය) සඳහා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද, 2වන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ සත්ව හා බෝග නිෂ්පාදන තාක්‍ෂණ සැසියේ “හොඳම වාචික ඉදිරිපත් කිරීම” සදහා වන සම්මානය හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (සෝඩියම් නයිට්‍රෝප්‍රසයිඩ් යොදා ගැනීමෙන් රබර් බීජ වල පැළවීමේ ධාරිතාවය හා කල්තබා ගැනීමේ හැකියාව වර්ධනය කරගත හැකි විය) සඳහා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද, 2වන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ සත්ව හා බෝග නිෂ්පාදන තාක්‍ෂණ සැසියේ ප්ලෙනරි 111 හි “හොඳම වාචික ඉදිරිපත් කිරීම” සදහා වන සම්මානය හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (තෝරාගත් රබර් ක්ලොනයන්ගේ බීජ වලින් නිපදවා ගත් ග්‍රාහක පැළ වල වර්ධනයේ සහ බද්ධ කිරීමේ හැකියාව තක්සේරු කිරීම) සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කල කෘෂිකර්මාන්තය පිළිබඳ 1වන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ දී “සැසියේ හොඳම වාචික ඉදිරිපත් කිරීම” සදහා වන සම්මානය හිමි විය.
  • “රබර් කර්මාන්තයට 2014-2015” කාලය තුල කරන ලද දායකත්වය උදෙසා ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතාට හයවන වැවිලි බෝග පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණයේදී සම්මානයන් හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (නයිට්‍රික් ඔක්සයිඩි ප්‍රතිකාරය සහ බීජ ආවරණය ගැලවීම තුලින් රබර් බීජ වල පැළවීමේ සහ බීජ පැළ වල වර්ධනය වැඩි දියුණු කරගත හැකි විය) සඳහා 6 වන වැවිලි බෝග පර්යේෂණය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී “රබර් අංශයේ හොඳම පර්යේෂණ පත්‍රිකාව හා ඉදිරිපත් කිරීම” සදහා වන සම්මානය හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (Alternaria brassicae ආසාදනය කිරීමෙන් Brassica juncea සහ Sinapis alba ශාක වල ආරක්‍ෂාව සඳහා අදාල වන ජානවල ආන්තර ප්‍රකාශනය) සඳහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය විසින් සංවිධානය කරල ලද “27 වන වාර්ෂික සම්මේලනයේදී” ජෛව තාක්‍ෂණය අංශයේ හොඳම වාචික ඉදිරිපත් කිරීම සදහා වන සම්මානය හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (Alternaria brassicae ආසාදනය කිරීමෙන් Brassica juncea ශාකයේ ආන්තරිකව ප්‍රකාශිත ජාන හඳුනා ගැනීම) සඳහා 4 වන තරුණ විද්‍යාඥයින්ගේ සංසදයේ සම්මන්ත්‍රණයේදී “කුසලතා සහතිකයක්” හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (ළපටි බද්ධ පැළ වල වර්ධනයේ සහ මුල සැකැස්ම කෙරෙහි සෝඩියම් නයිට්‍රොප්‍රසයිඩ් වල බලපෑම) සඳහා 5වන වැවිලි බෝග පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණයේදී “හොඳම සමස්ථ පර්යේෂණ පත්‍රිකාව සහ ඉදිරිපත් කිරීම” සඳහා වන සම්මානය හිමි විය.
  • ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත මහතා ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව (Alternaria brassicae ආසාදනය කිරීමෙන් සංවේදී Brassica juncea සහ තරමක් ප්‍රතිරෝධී Sinapis alba ශාක වල ආරක්‍ෂාව සඳහා අදාල වන ජානවල ආන්තර ප්‍රකාශනය) සඳහා අනුක ජීව විද්‍යා සදහා වන 2වන ජාත්‍යන්තර සමුළුවේදී “ශාක ජෛව තාක්‍ෂණ අංශයේ හොඳම චාචික ඉදිරිපත් කිරීම” සඳහා වන සම්මානය හිමි විය.
බීජ ගබඩා කිරිමේ කාලය වැඩි කිරිම, ප්‍රරෝහන හැකියාව ඉහල නැංවීම හා පැළ තවාන්හි පැළ වල වර්ධනය හා ගුණාත්මය වැඩි දියුණු කිරිම සඳහා නයිට්‍රික් ඔක්සයිඩ් දායක සෝඩියම් නයිට්‍රොප්‍රසයිඩ් රසායනික ද්‍රව්‍යයේ භාවිතය පිළිබඳ නව පර්යේෂණයන් සිදු කිරීම.
බීජ ප්‍රරෝහන තවාන් සැකසීමේදී දැනට භාවිතා කරනු ලබන ගංගා වැලි යොදා ගැනීම වෙනුවට කොහුබත් සහ අලි වසුරු සාර්ථකව භාවිතා කර ගත හැකි බව හඳුනා ගෙන ඇත.
පාන්දරින් කිරි කැපීම හෙවත් පෙරවරු 3.00 සහ 5.00 අතර කාලයේදී කිරි කැපීමෙන්, කිරි අස්වැන්නෙහි සැලකිය යුතු වෙනසක් නොවන බව නව පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ඔස්සේ හඳුනාගෙන ඇත.
සම්මත පිළි විතරයන්ට (6” x 15”) වඩා කුඩා ප්‍රමාණයේ පොලිබෑග් මළු (5”x13”, 5”x15” සහ 6”x13”) භාවිතය මගින් සාර්ථක ලෙස බද්ධ රබර් පැළ නිපදවා ගැනීමේ හැකියාවක් මෙන්ම ආර්ථිකමය හා පාරිසරික වටිනාකමක් තවාන් පාලනයේදි ලබා ගැනිමට හැකියාවක් පවතින බව පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත.
මුරුංගා (Moringa oleifera) ශාක සාරය ජෛව උත්තේජකයන් ලෙස අපරිණත රබර් ශාක පත්‍ර මතට ඉසිම මගින් අහිතකර පාරිසරික තත්වයන්ගෙන් වගාවට සිදුවන හානිය අවම කරමින් එහි වර්ධනය හා භෞතික රසායනික ගුණ ඉහල නැංවීමේ හැකියාවක් පවතින බව හඳුනා ගෙන ඇත.
රබර් වගාව වියළි කලාපයේ සාර්ථකව ව්‍යාප්ත කිරිම සඳහා ඊට සුදුසු වන ආකාරයට මූල පද්ධතිය සැකසීමේ නව පර්යේෂණයන් සිදුකරනු ලබයි.
රබර් ශාකයේ වාර්ෂික පත්‍ර පතනය, මල් පිපීම හා බීජ නිශ්පාදනය සම්බන්‍ධ පර්යේෂණ මගින් ක්ලෝන 20 ක් පමණ ඇගයීමට ලක්කර ඇති අතර, බහුලව බීජ ලබාදෙන ක්ලෝන හා ප්‍රදේශ මොනවාදැයි හඳුනාගෙන ඇත.
අම්පාර, පදියතලාව ප්‍රදේශයේ ළපටි බද්ධ රබර් පැළ තවාන් සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා විසිරුම් සහ බිංදු ජල තාක්‍ෂණික ජල සම්පාදන පද්ධති නිර්මාණය කොට සවිකර අවසන් කොට ඇත. මෙහිදී විසිරුම් ජල සම්පාදන පද්ධති භාවිතය වඩා කාර්යක්‍ෂම හා ඉහල ගුණාත්මයෙන් යුතු බද්ධ පැළ නිශ්පාදනයට දායක වන බව තහවුරු වී ඇත.
අපරිණත රබර් පැළ වගාවට හා ළපටි බද්ධ පැළ තවාන්වල අහිතකර පාරිසරික තත්වයන්ගෙන් සිදුවන හානිය අවම කිරීමට සැලිසිලික් අම්ලය යොදා ගැනීමට හැකි බව සාර්ථකව අධ්‍යනය කොට ඇත.
විවිධ රබර් කිරි නිස්සාරන ක්‍රම මගින් සිදුවන රබර් පොත්ත වැය වීම පිළිබඳ අධ්‍යනයන්ගෙන් එවැනි ක්‍රම රබර් ශාකයේ වර්ධනයට බලපෑම් සිදු කරන බව හඳුනාගෙන ඇත. මෙහිදී රබර් කිරි නිස්සාරන ක්‍රම හා ක්ලෝන, ප්ලෝයම ශුනතා පීඩනය, පොත්ත නැවත සෑදීමේදී ඇතිවන ක්ෂිර නාල ගණන, වියළි රබර් ප්‍රමාණය හා කිරි අස්වැන්න යන ලක්ෂණ සමඟ අන්තර් සම්බන්ධතාවයන් පවතින බව සනාථ වී ඇත.
ප්‍රතිඔක්සිකාරක රසායනික හා ශාක සාර, රබර් ශාකයේ පොත්ත තැම්බීමේ රෝගය සඳහා ප්‍රතිකාරකයක් ලෙස යොදා ගැනිමට ඇති හැකියාව පිළිබඳ නව අධ්‍යනයන් ඔස්සේ පර්යේෂණ සිදුකර ගෙන යනු ලබයි.
රබර් සමග අගාර්වුඩ් නිපදවන ශාක අතුරු බෝග වගාවක් ලෙස සංස්ථාපනය කිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යනයන්හී දී පෙනි යන්නේ දේශියව හමුවන වල්ලාපට්ට ශාකයෙහි (Gyrinops walla) හි වර්ධනය විදේශීය අගාර්වුඩ් ශාකයන්ට (Aquilaraia crassna සහ Aquilaria subintegra) වඩා අඩු බවයි.
කිලිනොච්චිය, වවුනියා, මොනරාගල හා අම්පාර යන වියලි හා අතරමැදි කලාපිය සම්ප්‍රදායික නොවන ප්‍රදේශයන්හි රබර් වගා සාර්ථකව ව්‍යාප්ත කිරීමේ අරමුණින් රබර් සමඟ අතුරු බෝග වගාවන් ලෙස පළතුරු, ඖෂධ හා ආර්ථික වටිනාකමින් යුත් ඒක වාර්ෂික බෝග පර්යේෂණ වගාවන් ලෙස එම ප්‍රදේශවල සංස්ථාපනය කර ඇත. මෙමගින් භූමි භාවිතය ඉහල නැංවීමත්, රබර් අපරිණත කාලයේදී ආදායමක් ලබාගැනීමත් හරහා තිරසාර රබර් වගාවක් ඇති කිරීම අරමුණු වේ.
රබර් සමඟ අතුරු වගාවන් ලෙස අඹ, පේර හා දෙලුම් වගා කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත.
රජයේ රබර් පැළ තවාන්, පෞද්ගලික හා වැවිලි සමාගම් තවාන් වල පැළ වල ගුණාත්මය හා සංඛ්‍යාව පරීක්‍ෂා කර අදාල ආයතන වෙත එම වාර්ථා ඉදිරිපත් කර ඇත.
රබර් ශාකයේ පොත්ත වැයවීම ගණනය කිරීම සඳහා නිපදවූ නිතැති ගණිත වගු (Ready-Reckoner Chart) භාවිතයෙන් අසීමාන්ත ලෙස පොත්ත වැයවීමේ වේගය සහ පොත්ත කැපීමේ කාලසිමාව නිර්ණය කිරිම සඳහා යොදා ගත හැකි බව අණාවරනය කරගෙන ඇත. එමඟින් පොත්ත වැයවීමේ වේගය නැවත නිවැරදි කර ඒ තුලින් වගාවෙහි ආර්ථික ආයු කාලය පවත්වා ගැනිමට හැකියාව ලැබෙන බැවින් මෙම වගු භාවිතය ගොවිමහතුන් වෙත නිර්දේශ කර ඇත.
  • ළපටි බද්ධ පැළ තවාන් පාලනයේදී බීජ පැළ තවාන් සංස්ථාපනය සඳහා බීජ පතනය ආරම්භවූ අවස්ථාවේදීම එකතු කර ගන්නා නව බීජ සංස්ථාපනයෙන් පසු මුලින්ම ප්‍රරෝහනය වන බීජ භාවිතා කිරීම අනිවාර්ය කෙරේ.
  • බද්ධ අතු තවාන්හි ආයු කාලය වසර දහයකි. එනම්, වසර දහයකින් පසුව බද්ධ අතු තවාන් ක්‍ෂේත්‍රයෙන් ඉවත් කල යුතු වේ. මෙහිදී බද්ධ අතු තවාන්හි ක්ලෝන ප්‍රතිශතයෙන් 10%ක් සෑම වසරකදීම නව ක්ලෝන මගින් ප්‍රතිස්ථාපනය කිරීම නිර්දේශ කෙරේ.
  • රබර් වගාවේදී රෝපණ ද්‍රව්‍ය ලෙස වසරකට අඩු වයසැති ළපටි බද්ධ පැළ යොදා ගැනීම අනිවාර්ය කෙරෙන අතර, නග්න මූල බද්ධ පැළ යොදා ගැනීම නිර්දේශ නොකෙර්.

Patents and Industrial Designs

  • ආර්. පී. කරුණාසේන මහතා විසින් රබර් කිරි කැපීම සඳහා මෙතෙක් භාවිතා කරනු ලැබූ කිරි පිහිය, පොත්ත ඉවත් කිරීම පහසුවන ආකාරයට, වැඩි දියුණු කරන ලද අතර එය රබර් වගාකරුවන් විසින් භාවිතා කරනු ලබයි.

 

  • රබර් ක්ලෝනයන්ගේ බීජ නිශ්පාදන හැකියාව විමර්ශනය කිරීම හා බීජ ප්‍රතිකාර ක්‍රම මගින් බීජ ප්‍රරෝහන හැකියාව හා බීජ ගබඩා කිරීමේ කාලය ඉහල නැංවීම ක්‍රම අත්හදා බැලීම.
  • රබර් පැළ වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිතය.
  • අපරනත රබර් පැළ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරවන ජෛවීය නොවන ආතතීන්ට සාර්ථකව ඔරොත්තු දීම සඳහා රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රම අත්හදා බැලීම.
  • බීජ ප්‍රරෝහන තවාන් සඳහා ගංගා වැලි වෙනුවට භාවිතා කළ හැකි ලාභදායි සහ ඵලදායි විකල්ප රෝපණ මාධ්‍ය හඳුන්වා දීම.
  • ළපටි බද්ධ පැළ තවාන් සඳහා ලාභදායි ජලසම්පාදන පද්ධති හා ක්‍රම හඳුන්වා දීම.
  • රබර් පැළ නිශ්පාදනයේ ගුණාත්මකභාවය හා ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා රබර් පැළ සහතික කිරීම.
  • පටක රෝපණය හා ක්ෂුද්‍ර ප්‍රචාරණය (micro propagation) මගින් රබර් හා සමහරක් අතුරුබෝග පැළ නිශ්පාදනය.
  • රබර් ශාක වල වර්ධනය හා ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා පැළ සිටුවීමේ විවිධ උපාය මාර්ග අත්හදා බැලීම.
  • රබර් කිරි හා දැව වලින් උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා විවිධ පැළ ඝණත්වයන් යොදා ගනිමින්පැළ සිටුවීම.
  • ඉඩම්වල ඵලදායිතාවය හා පාරිසරික තිරසාර භාවය ඉහල නැංවීම සඳහා රබර් සමග අතුරු බෝග වගාව.
  • නිශ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා දියර/වායුමය උත්තේජන භාවිතය හා අඩු තීව්‍රතා අස්වනු නිස්සාරණය.
  • උපරිම රබර් කිරි අස්වැන්නක් ලබා ගැනීමට හා තිරසාර ලෙස රබර් පොත්ත භාවිතා කිරීම සඳහා විවිධ කැපුම් ක්‍රම පර්යේෂණය කිරීම.
  • රබර් වගාවන්හි අඩු ඵලදායිතාවය සඳහා හේතුවන පොත්ත වියලීම සම්බන්‍ධ ගැටලු නිරාකරණය සඳහා සුදුසු පිළියම් පර්යේෂණය කිරීම.
  • දැඩි නියඟය හා තාප ආතති තත්ව යටතේ වුවද රබර් ශාකයේ ඉහල වර්ධනයක් සහ අස්වැන්නක් ලබා දෙන ක්ලෝන තෝරා ගැනීම සඳහා රබර් ක්ලෝන වල ව්‍යුහ විද්‍යාත්මක, කායික විද්‍යාත්මක හා අණුක විද්‍යාත්මක ලක්‍ෂණ පර්යේෂණය කිරීම.
  • තවාන් කළමනාකරණය, පැළ සිටුවීම, කිරි අස්වනු නිස්සාරණය, අතුරුබෝග වගාව සම්බන්‍ධ ගොවීන් පුහුණු කිරීම සහ ගැටලු නිරාකරණය.
  1. SCI Journal
    1. Sandhya Rawat, Sajad Ali, N.M. Chamil Nayankantha, N. Chandrashekar, Bhabatosh Mittra & Anita Grover (2017). Isolation and expression analysis of defensin gene 3 and its promoter from Brassica juncea. Journal of Plant Diseases and Protection. DOI 10.1007/s41348-017-0103-y.
  2. International Refereed Journal
    1. S. Ali, N. Chandrashekar, S. Rawat, N.M.C. Nayanakantha, Z.A. Mir, A. Manohaean, M. Sultana and A. Grover (2017). Isolation and molecular characterization of the pathogenesis-related PR2 gene and its promoter from Brassica juncea. Biologia Plantarum. doi:10.1007/s10535-017-0726-7.
    2. Nayanakantha, N.M.C., S. Rawat, S. Ali and A. Grover (2014). Defense gene induction in Camelina sativa upon Alternaria brassicae challenge. Indian Phytopathology, 67(3): 252-256.
    3. Nayanakantha, N.M.C., S. Rawat, S. Ali and A. Grover (2014). α-Tubulin: A more suitable internal control than β- actin in reverse transcription PCR analysis of Brassica juncea, Sinapis alba and Camelina sativa under different experimental conditions. Annals of Plant Protection Sciences, 22 (2):345-351.
  3. Local Refereed Journal
    1. N.M.C. Nayanakantha, N.N. Hettiarachchi, A.M.W.K. Senevirathna, and P. Seneviratne (2016). Exogenous nitric oxide donor sodium nitroprusside enhanced growth attributes of polybagged rubber (Hevea brasiliensis) seedlings. Tropical Agricultural Research and Extension Journal. 18(3), pp.134–141.
    2. N.M.C. Nayanakantha, K.D. Madhushani, L.A.R. Amarathunga, G.A.S Wijesekera, P.D Pathirana, W. Karunatilaka, D.L.N. de Zoysa, M.N. de Alwis, R. Handapangoda & P. Seneviratne. (2016). Treatment with nitric oxide and seed coat removal improve germination and growth of rubber (Hevea brasiliensis). Journal of the Rubber Research Institute of Sri Lanka.96, 33-49.
    3. Nayanakantha, N.M.C., S. Rawat, S. Ali and A. Grover (2015). Differential expression of defense-related genes in Sinapis alba and Brassica juncea upon the infection of Alternaria brassicae. Tropical Agricultural Research Journal. 27(2): 123-136.
    4. Nayanakantha, N.M.C. P.D. Pathirana, A.M.W.K. Senevirathna and P. Seneviratne (2014). Exogenous nitric oxide-donor sodium nitroprusside ameliorates root architecture and growth of young budding polybagged plants of rubber (Hevea brasiliensis). Journal of the Rubber Research Institute of Sri Lanka. 94: 9-24.
  4. Thesis
    1. Nakandala D S A, (2018). Techno-physiological package for young rubber nursery plants (Hevea brasiliensis Mull.Arg.) to withstand water stress conditions. Ph.D. Sri Lanka: University of Ruhuna.
  5. Books/ Book Chapters
    1. V.H.L. Rodrigo, B.W. Wijesuriya, D.G. Edirisinghe and N.M.C. Nayanakantha, (Editors). Proceedings of the Seventh Symposium on Planation Crop Research, “Towards achieving sustainable development goals in the plantation sector”. Volume 1: 1-211.
    2. V.H.L. Rodrigo, B.W. Wijesuriya, D.G. Edirisinghe and N.M.C. Nayanakantha, (Editors). Proceedings of the Seventh Symposium on Planation Crop Research, “Towards achieving sustainable development goals in the plantation sector”. Volume 2: 1-206.
    3. ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත, (විෂය කමිටු සාමාජික), වැවිලි බෝග නිෂ්පාදන තාක්‍ෂණය (2018) : නව ව්‍යවහාරික විෂය සඳහා මොඩුලය සැකසීම (රබර් අංශය). ශෂ්‍ය විද්‍යාත්මක තාකෂණය. අධ්‍යන ‌පොදු සහතික පත්‍ර (උසස් ‌පෙළ).
    4. ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත, (විෂය කමිටු සාමාජික), වැවිලි බෝග නිෂ්පාදන තාක්‍ෂණය (2018) : නව ව්‍යවහාරික විෂය සඳහා මොඩුලය සැකසීම (රබර් අංශය). නිශ්පාදන තාකෂණය. අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ).
  6. Bulletins
    1. Nakandala S.A., P. Seneviratne, S.M.M. Iqbal, K.D.N. Weerasinghe and D. Pathirana (2018). Irrigation Systems for Rubber Nurseries. Bulletin of the Rubber Research Institute of Sri Lanka 54:1- 5.
  7. International Conference Proceedings Full Length Papers
    1. Silva, T.U.K., and Rodrigo, V.H.L. (2015). Potential of increasing the planting density of rubber in Sri Lanka. Proceedings of the International Rubber Conference 2015. RRIV, Vietnam, 2-3, November 2015, Pp 577-590.
  8. International Conference Proceedings Abstracts
    1. Silva, T.U.K., Seneviratne, P., Senevirathna, A.M.W.K., Costa, W.A.J.M.D. and Subasinghe, H. (2020). Influence of some latex flow dynamics associated with different latex harvesting systems on latex yield of different clones of rubber (Hevea brasiliensis, Muell. Arg.). International symposium on Agriculture and Environment, February 14th 2020. University of Ruhuna, Sri Lanka. Pp 23.
    2. Priyani Seneviratne, W.A.V. Prathibha, N.M.C. Nayanakantha and U. Dissanayake (2019). Effects of size and colour of polybags on growth of rubber (Hevea brasiliensis) seedlings and budded plants under nursery conditions. Proceedings of the International Rubber Conference, Nay Pyi Taw, Myanmar, 30th September – 1st October. Abstract. P 55.
    3. Nayanakantha, N.M.C., B.M.S.S. Panditharatne, S.A. Nakandala, W. Karunathilake and P. Seneviratne (2018). Exogenous nitric oxide donor sodium nitroprusside improves growth and physiological attributes of rubber (Hevea brasiliensis) under abiotic stress conditions. Proceedings of the 5th International Conference on Agriculture, 16-17th August 2018, Colombo. Abstract, pp 44.
    4. N. M. C. Nayanakantha, Madushani, U., Karunarathna, B., Panditharathna, B. M. S. S. and Seneviratne, P. (2018). Priming with nitric oxide donor sodium nitroprusside enhances germination and storage life of recalcitrant rubber (Hevea brasiliensis) seeds. Proceedings of 2nd International Research Symposium, Uva Wellsassa University, February 1-3, Abstract. Pp 4.
    5. N.D.K. Gayashan, N.M.C. Nayanakantha, P. Seneviratne, A.M.W.K. Senavirathna, H.A.S.L. Jayasinghe, and B.M.S.S.. Panditharathna (2018). Effect of Polybag Size on Growth and Physiological Attributes of Rubber (Hevea brasiliensis) Seedlings. Proceedings of 2nd International Research Symposium, Uva Wellassa University, February 1-3, pp 20.
    6. Wijayarathna, D.N., Lokupitiya, E. and Silva, T.U.K. (2018). Ratio between potential evapotranspiration and precipitation as a drought index and its impacts on rubber yield in Sri Lanka. Proceedings of 2nd International conference on climate change 2018. February 15th – 16th. 2018. Colombo, Sri Lanka. Pp 39.
    7. Nakandala S.A., N.M.C. Nayanakantha, P. Seneviratne, M. N. de Alwis and D.L.N. de Zoysa (2018). Morphological and physiological responses of immature plants of Hevea brasiliensis to micro-irrigation. Proceedings of International Rubber Conference and IRRDB Annual meeting, 2018, Abidjan, Côte D’Ivoire. P. 53.
    8. N. M. C. Nayanakantha, B. M. S. S. Panditharathna, P. Seneviratne and E. U. M. De Z. Dissanayaka (2017). Assessment of growth and budgrafting performance of selected clonal seedling rootstocks of rubber (Hevea brasiliensis). Proceedings of the1st International Symposium on Agriculture, Eastern University of Sri Lanka, October 5th-6th, 2017, Eastern University, Chenkalady, Pp 94-103.
    9. Nayanakantha, N.M.C, R. M. Chathura G. Rathnayake, Suboda S. Panditharatne, Priyani. Seneviratne, Sashika A. Nakandala and Wasantha Karunathilake (2017). Nitric oxide improves growth and physiological attributes of rubber (Hevea brasiliensis) under drought and heat stress conditions. Proceedings of the International Rubber Conference, IRRDB, Indonesia, 18-22 October 2017, Jakarta, Indonesia. Pp 23.
    10. Nayanakantha, N.M.C., Ratnayake, C. , Senevirathna, W., Kaliyadasa, E. and Seneviratne P. (2017). Exogenous nitric oxide donor sodium nitroprusside enhances growth and physiological attributes of rubber (Hevea brasiliensis) plants subjected to water stress. Second Asia Pacific Conference on Multidisciplinary Research, July, 29-30, Colombo. pp 25.
    11. N.M.C. Nayanakantha, N.N. Hettiarachchi, A.M.W.K. Senevirathna, and P. Seneviratne (2016). Exogenous nitric oxide donor sodium nitroprusside enhanced growth attributes of polybagged rubber (Hevea brasiliensis) seedlings. Proceedings of the International symposium on Agriculture and Environment held on 13th January 2016 at Ruhuna University, Kamburupitiya. Abstract. P. 6.
    12. Silva, T.U.K., Senevirathne, A.M.W.K., Senevirathne, P. and Costa, W.A.J.M. (2016). Different latex harvesting systems and their impact on bark consumption and economic lifespan of rubber plantations in Sri Lanka. “International Symposium on Agriculture and Environment 2016”, University of Ruhuna, Matara, Sri Lanka. Pp. 33-35.
  9. Local Conference Proceedings Full Length papers
    1. N. M. C. Nayanakantha, S A Nakandala, W. Karunathilake, M N de Alwis, L N de Zoysa and P Seneviratne (2019). Moringa oleifera leaf extract as a biostimulant on growth and other physio-chemical attributes of rubber (Hevea brasiliensis) under drought and heat stress conditions. Proceedings of the Seventh Symposium on Plantation Crop Research. “Towards achieving sustainable development goals in the plantation sector. V.H.L. Rodrigo, B.W. Wijesuriya, D.G. Edirisinghe and N.M.C. Nayanakantha (Eds.). Rubber Research Institute of Sri Lanka, Dartonfield, Agalawatta, Sri Lanka, Vol.2, pp 115 – 126.
    2. Nakandala, S.A. N.M.C. Nayanakantha, P. Seneviratne, M.N.de Alwis and D.L.N. de Zoysa (2019). Different micro-irrigation techniques for mitigating drought stress of immature plants of Hevea brasiliensisIn: Proceedings of the seventh symposium on Plantation Crop Research. “Towards achieving sustainable development goals in the plantation sector. V.H.L. Rodrigo, B.W. Wijesuriya, D.G. Edirisinghe and N.M.C. Nayanakantha (Eds.). Rubber Research Institute of Sri Lanka, Dartonfield, Agalawatta, Sri Lanka, Vol.2, pp 13 – 20.
    3. N.M.C. Nayanakantha, K.D. Madhushani, L.A.R. Amarathunga, G.A.S Wijesekera, P.D Pathirana, W. Karunatilaka, D.L.N. de Zoysa, M.N. de Alwis, R. Handapangoda & P. Seneviratne. (2016). Treatment with nitric oxide and seed coat removal improve germination dynamics and growth attributes of rubber (Hevea brasiliensis). 6th Symposium on Plantation Crop Research, 2nd -4th November, 2016, Colombo. Pp 77-88.
    4. Nayanakantha, N.M.C., P.D. Pathirana, A.M.W.K. Senevirathna and P. Seneviratne (2014). The effect of Nitric oxide-donor sodium nitroprusside on root architecture and growth of young budding polybagged plants of rubber (Hevea brasiliensis). 5th Symposium on Plantation Crop Research, 15-17 October 2014, Colombo. Pp 77-90.
    5. Nakandala S A, P Seneviratne, S M M Iqbal, S S P Munasinghe and D Pathirana (2014). Performance and Cost effectiveness of three irrigation systems in a rubber nursery in the Intermediate Zone of Sri Lanka. Pp 91 -98. In A P Keerthipala (ed). Proceedings of the Fifth Symposium on Plantation Crop Research – “Towards a Green Plantation Economy”. Sugarcane Research Institute, Uda Walawa, 70190, Sri Lanka.
    6. Silva, T.U.K., Senevirathne, A.M.W.K., Senevirathne, P., Costa, W.A.J.M., Samarasekara, R and Deshapriya, H.A.U..(2016). Impact of different latex harvesting systems on bark consumption, yield and economic lifespan of rubber plantations in Sri Lanka. Proceedings of the Sixth Plantation Crop Research Symposium, November 2-4, 2016. Bandaranaika Memorial International Conference Hall, Colombo, Sri Lanka. Pp 125-133.
  10. Local Conference Proceedings Abstracts
    1. N. M. C. Nayanakantha, B. M. S. S. Panditharathna, P. Seneviratne and E. U. M. De Z. Dissanayaka (2018). Effect of selected clonal seedling rootstocks on growth and budgrafting performance of rubber (Hevea brasiliensis). Proceedings of the National Symposium on Sustainable Plantation Management, 10th March, NIPM, Athurugiriya. Pp 22-26.
    2. Nayanakantha, N.M.C., K.A.U. Madushani, P. Seneviratne, B. M. S. S. Panditharathna, E. U. M. De Z. Dissanayaka and B. Karunarathna (2018). Seed priming with nitric oxide enhances storage life, germination and seedling attributes of rrubber (Hevea brasiliensis). Proeedings of the SLCARP International Agricultural Symposium, 13-14 August, Colombo. Abstract. pp 6-7.
    3. Nayanakantha, N.M.C., B.M.S.S. Panditharatne, S.A. Nakandala, W. Karunathilake and P. Seneviratne. Exogenous moringa oleifera leaf extract as a biostimulant improves growth and physiological attributes of rubber (Hevea brasiliesnsis) under sub-optimal climatic conditions. Proceedings of the symposium of RESCON 2018, 9-10th November 2018, PGIS, Peradeniya. Abstract, p. 58.
    4. Dilrukshi, P.G.T., Subasinghe S.M.C.U.P., Nayanakantha, N.M.C. and Senevirathna, A.M.W.K. (2018). Evaluation of growth performance of agarwood producing species under three shade settings in different rubber intercropping systems. Proceedings of the 23rd Intreational Forestry and Environment Symposium, University of Sri Jayawardenapura, Sri Lanka. Abstract, p 57.
    5. Wijayarathna, D.N., Lokupitiya, E. and Silva, T.U.K. (2018). Development of a relationship between a drought index and its impacts on rubber yield in wet zone. Proceedings of 74th Annual Session, Sri Lanka Association for the Advancement of Science, December 2nd - 8th. 2018. Colombo, Sri Lanka. Pp 27.
    6. Nayanakantha, N.M.C. (2016). National Conference in Agricultural Extension2016, Organized by Sri Lanka Agricultural Extension Association (SLAEA), A compilation of views of Agricultural Extension Stakeholders. Oakray Hotel, Gatambe. Pp 23-25.
    7. Rathnayake, R.M.C.G., P.E. Kaliyadasa, H.A.S.L. Jayasinhe and N.M.C. Nayanakantha (2016). Effect of exogenous nitric oxide on growth and physiological parameters of rubber clone PB 260 subjected to drought. Proceedings of the 6th Research Symposium of Uva Wellssa University, Badulla, January, 28-29th. P. 86. (Abstract).
    8. Watawala, W K S W Senevirathna, A M W K.,Gunadasa, H K S G., Nayanakantha, N.M.C. and Samarasekara, R K. (2016). Study on Effectiveness of Ascorbic Acid, DRC+3 and Sodium Nitroprusside (SNP) on Recovery of Tapping Panel Dryness of Rubber Trees. Proceedings of the 6thResearch Symposium of Uva Wellassa University. January 28-29, 2016. p. 73.
    9. Lanka, M.P.D., Subasinghe, S.M.C.U.P., Senevirathna, A.M.W.K. and Nayanakantha, N.M.C. (2016). Growth comparison of young three agarwood producing species intercropped with rubber under different light conditions. Proceedings of the International Forestry and Environment Symposium, University of Sri Jayawardenapura, Sri Lanka. Abstract, p 76.
  11. News Paper articles
    1. ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත, රබර් වගාවට අලුත් ඉඩම්, සිළුමිණ, ජනවාරි 21, 2018.
    2. ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත, නිසි රෝපණයෙන් සරු අස්වැන්නක්. සිළුමිණ, ජුලි 09, 2017.
    3. ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත, පහසු මිලට පරිසර හිතකාමී බීජ පැළ තවානක්. සිළුමිණ, ජුනි 11, 2017.
    4. ආචාර්ය එන්.එම්.සී. නයනකාන්ත, රබර් වගාවේ ප්‍රශ්න විසදන්න සූදානම්. සිළුමිණ, සැප්තැම්බර් 25, 2016.

වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk