ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

වැවිලි අමාත්‍යාංශය



දළ රබර් සැකසුම් සංවර්ධන සහ රසායනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වනුයේ ස්වාභාවික පරිසරය ආරක්ෂා කරගන්නා අතරතුර රබර් කර්මාන්තයේ අභිවෘද්ධිය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම සදහා දල රබර් සැකසුම් අංශයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමයි. දල රබර් සැකසුම් කර්මාන්තයේ දෝෂ නිරාකරණය, සැකසුම් සංවර්ධනය හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සදහා උපදෙස් සැපයීම දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි. මෙම දෙපාර්තමේන්තුව මානව සම්පත් සංවර්ධනය සහ සේවක ආරක්ෂාව පිලිබඳවද දල රබර් කර්මාන්තයට සහය දීමට බැදීසිටී.

දල රබර් සැකසුම් සහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා වලින් උත්පාදනය වන අපජලය කලමනාකරණය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අනෙකුත් සියලුම සහාය ලබාදීමද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයකි. පවරන සියලුම සේවාවන් කාර්යක්ෂමව ඉටුකරන සුදුසුකම් ලත්, පලපුරුදු, කැපවූ, මිත්‍රශීලී සේවක මඩුල්ලක් සතුවීම දෙපාර්තමේන්තුව සතු මහගු වත්කමකි.

 

පර්යේෂණ නිළධාරි

පුරප්පාඩු වී ඇත.

 

  • සාන්ද්‍ර රබර් කිරි සුරක්ෂණය සදහා නයිට්‍රසෝඇමයින අඩංගු නොවන පරිශීලක මිත්‍රශීලී සුරක්ෂක පද්ධතියක් හදුන්වාදීම.
  • අගය එකතු කරන ලද, පරිහරණය කලහැකි කාලය වැඩි දල රබර් සහ සංයෝජනය කරන ලද රබර් කිරි ශ්‍රේණියක් නිෂ්පාදනය කිරිම.
  • ශක්තිමත් කරන ලද කාබන් නැනෝටියුබ් අඩංගු කරමින් සිදුරු සහිත (Cellular), ස්වාභාවික රබර් සංයෝග ගොඩනැගීම.
  • වත්මන් නිර්වායු-ස්වායු රබර් අපජලය පිරිපහදුකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව පිලිබඳව තක්සේරු කිරීම සහ එය කුඩා පරිමාණ කර්මාන්ත හිමියාට ගැලපෙන පරිදි වෙනස් කිරීම.
  • පිරිපහදු කරන ලද රබර් අපජලය කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීමේ යෝග්‍යතාව අධ්යනය.
  • ස්වාභාවික ස්කිම් රබර් සහ පුරවන ලද තාප සුවිකාරකයන්හි තෘතීය සංකීර්ණ අඩංගු මිශ්‍රණවල ව්‍යූහාත්මක, ගලායෑමේ සහ යාන්ත්‍රික ගුණාංග ඇගයීම : ස්වාභාවික ස්කිම් රබර් වලට අගය එකතු කිරීම සදහා නව මාවතකි
  • ස්වාභාවික ස්කිම් රබර් වලට අගය එකතු කරන ලද භාවිතාවන් සදහා ස්කිම් රබර් සහ ස්වාභාවික රබර් මිශ්‍රණ පද්ධතියක් සකස් කිරීම.
  • ශ්‍රි ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ෂීට් රබර් නිෂ්පාදනයේදී රබර් ෂීට් වියලීම සදහා සූර්ය ශක්ති- ජෛවස්කන්ධ සංයුක්ත වියලන නිපදවීම - එස්. සිරිවර්ධන, වයි. සී. වයි. සුදුසිංහ (2017-2018).මෙම ව්‍යාපෘතිය සදහා Sri Lanka Climate Fund (Pvt) Ltd මගින් අරමුදල් සපයන ලදී.
  • කේන්ද්‍රාපසරණය කරන ලද රබර් කිරි නිශ්පාදන කර්මාන්තශාලා වලින් අපද්‍රව්‍යක් ලෙස උත්පාදනය වන ස්ලජ් (Slugde) බැහැර කිරීමට නව ක්‍රමවේද හදුන්වාදීම.
     
    1. ස්වාභාවික රබර් සංයෝග සදහා ක්‍රියාකාරී අකාබනික පිරවුම්කාරකයක් බවට පරිවර්තනය කිරීම
    2. අඩු ගුණාත්මක භාවයකින් යුතු නව ක්‍රේප් රබර් වර්ගයක් බවට පරිවර්තනය කිරීම - එස්. සිරිවර්ධන , යූ. එම්. එස්. ප්‍රියංකා (2014-2018).
  • ශ්‍රී ලාංකිය රබර් කර්මාන්තය සදහා ජංගම දුරකථන යෙදුමක් නිර්මාණය කිරීම - වයි. සී. වයි. සුදුසිංහ , එස්. සිරිවර්ධන.
  • කුඩා සහ මධ්‍යම පරිමාණ ෂීට් රබර් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සදහා තත්ත්ව පාලන විශේෂාංග සහිත කුඩා පරිමාණයේ සරල කිරි කැටිගැසීමේ ටැංකියක් නිර්මාණය කිරීම. - එස්. සිරිවර්ධන , ඒ. කේ. ඩී වර්ණජිත් (2014 - 2019).
  • ක්‍රේප් රබර් නිෂ්පාදනයේදී සිදුකරන ඇඹරීමේ ක්‍රියාවලියට යොදාගන්නා සැකසුම් ජලය නැවත භාවිතා කිරිම සදහා නව ක්‍රමවේදයක් හදුන්වාදීම. - එස්. සිරිවර්ධන, වයි. සී. වයි. සුදුසිංහ, වී. සී. රෝහණදීපා, ඒ. කේ. ඩී. වර්ණජිත්, ආර්. ඩී. ඉලේපෙරුම, පී. කේ. එන්. එන්. සදමාලි (2017-2019).
  • සංයුක්ත නැනෝ ද්‍රව්‍ය පිරවුම් කරන ලද ස්වාභාවික රබර් සංයෝගයක් යොදාගෙන නව කාර්යසාධනයක් සහිත සැහැල්ලු කෘතීම පාදයක් නිර්මාණය කිරීම. - යූ. එන්. රත්නායක, ඩී. ජී. එදිරිසිංහ, සම්පත් වික්‍රමගේ (2013- 2015).

    මෙම ව්‍යාපෘතිය ජාතික විද්‍යා පදනමේ අරමුදල් දායකත්වයෙන් රණවිරු සෙවණ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා එක්ව සිදුකරන ලදී.

  • ස්වාභාවික රබර් කිරි - ස්ථරමය සිලිකේට් නැනෝසංකීර්ණ නිපදවීම. - ආනන්ද අමරසිරි, යූ. එන්. රත්නායක, එස්. වල්පොල (2013-2014). රබර් කිරිවල ගිල්වා නිපදවන නිෂ්පාදන සදහා යොදාගන්නා සාම්ප්‍රදායික ස්වාභාවික රබර් කිරි - කැල්සියම් කාබොනේට් නැනෝසංකීරණ වෙනුවට විකල්පයක් ලෙස, ජලීය මොන්ට්මොරිලොනයිට් මැටි ද්‍රාවනයක් උපයෝගි කොටගෙන, ස්වාභාවික රබර් කිරි - ක්ලේ නැනෝසංකීරණ නිපදවනු ලබා ඇත.
  • දුම් ගසා රබර් රොටී වියලීම සදහා සකසන ලද එක්දින වියලුම් පද්ධතිය - එස්. සිරිවර්ධන (2009-2010).

    මෙය ඉඩකඩ අවශ්‍යතාවය 80 % කින් අඩුකර රබර් රොටී වල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන අතරතුර සාම්ප්‍රදායික වියලුම් කාලය 60-80 % කින් ද දර පරිභෝජනය 30 % කින්ද අඩුකරමින් එක් දිනක් තුල රබර් රොටී වියලාගැනීම සදහා නිපදවා ඇත.

  • අපජලය පිරිපහදුකරණ තාක්ෂණය - ගාමිණී සෙනෙවිරත්න, යූ. එන්. රත්නායක, සුසන්ත සිරිවර්ධන.

    මෙම ව්‍යාපෘතිය දල රබර් සැකසුම් කර්මාන්තශාලා වලින් උත්පාදනය වන අපජලය පිරිපහදු කිරීම සදහා අඩු පිරිවැය,ඵලදායි පිරිපහදු පද්ධතියක් ලෙස හදුන්වා දී ඇත.

  • ස්වාභාවික රබර් වියලීම සදහා සංයුක්ත වියලුම් පද්ධතියක් (Universal Rubber Dryer) නිර්මාණය කිරීම - එස්. සිරිවර්ධන (2010-2013).

    මෙම ව්‍යාපෘතිය මගින් ක්‍රේප් සහ ෂීට් රබර් යන දෙවර්ගයම වියලීම සදහා නිපදවූ වියලුම් පද්ධතියක් හදුන්වා දෙයි.

පුහුණු වැඩසටහන්

දෙපාර්තමේන්තුව මගින් රබර් සැකසුම් හා අපජලය පිරිපහදු තාක්ෂණ අංශවලට අදාල පරීක්ෂණ සහ ගැටලු නිරාකරණය කිරීම් යනාදී සේවාවන් ලබාදෙන අතර කලමනාකාර, ක්ෂේත්‍ර සහ කරමාන්තශාලා සේවක මණ්ඩල වල දැනුම හා නිපුනතා ශක්තිමත් කිරීම සදහා ඔවුන් හට සකසන ලද පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි.

 

විශ්ලේෂණාත්මක සේවාවන්
  1. කාර්මික අපජලය සදහා විශ්ලේෂණ සේවාවන් සැපයීම:

    අපජලය පරීක්ෂා කිරීමේ රසායනාගාරය ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලැයිස්තු ගත කර ඇත.

  2. දල රබර් හා සැකසුම් ජලය විශ්ලේෂණය කිරීම සහ පරමාණුක අවශෝෂණ වර්ණාවලික්ශමානය (AAS) මගින් රසායන ද්‍රව්‍ය වල අඩංගු ලෝහ අයන සාන්ද්‍රණය පරීක්ෂා කිරීම සිදු කිරීම.
  3. ASTM පරීක්ෂණ ක්‍රමවේදයට අනුව සින්ක් ඔක්සයිඩ් (ZnO) විශ්ලේෂණය කිරීම.
  4. දල රබර් සහ රබර් සංයෝග වල සැකසුම් කිරිමේ හැකියාව : මූනි දුස්ස්රාවිතතාව (Mooney viscosity) හා මූනි ආතතිය ලිහිල් කිරීම (Mooney stress relaxation).
  5. රබර් වල අඩංගු නිස්සාරණය කල හැකි ප්‍රෝටීන ප්‍රමාණය විශ්ලේෂණය කිරීම: වැඩිදියුණු කරන ලද ලෝව්රි ක්‍රමවේදය මගින් විශ්ලේෂණය සිදුකරයි.
  6. ටැංකි ක්‍රමාංකණය කිරීම.

 

  • ක්‍රේප් රබර් ඇඹරීමේ ක්‍රියාවලියේදී යොදාගන්නා ජලය නැවත ප්‍රයෝජනයට ගැනීම සදහා ඉදිරිපත් කරන ලද නව ක්‍රමවේදය.
  • ස්වාභාවික රබර් කිරි කේන්ද්‍රාපසරණය කරන කර්මාන්තශාලා වලින් අපද්‍රව්‍ය ලෙස නිපදවෙන ස්ලජ් (Sludge);
    1. ස්වාභාවික රබර් සංයෝග සදහා යොදාගත හැකි ක්‍රියාකාරී අකාබනික පිරවුම්කාරකයක් බවට
    2. අඩු ගුණාත්මක භාවයකින් යුතු නව ක්‍රේප් රබර් වර්ගයක් බවට පරිවර්තනය කිරීමට ක්‍රමවේද දෙකක් හදුන්වාදීම.
  • කුඩා සහ මධ්‍යම පරිමාණ ෂීට් රබර් නිශ්පාදකයන් සදහා කුඩා, සරල කිරි කැටිගැසීමේ ටැංකියක් (SS ටැංකි) හදුන්වාදීම.
  • • වියලුම් කාලය දින 4-5 සිට එක් දිනක් දක්වා අඩුකරමින්, අවකාශ අවශ්යතාවය 80% කින් අඩුකරමින් ෂීට් රබර් දුම්ගසා වියලීම සදහා එක්දින වියලුම් ඒකකයක් (SS වියලුම් ඒකකය) හදුන්වාදීම.
  • එක් දිනයක් තුල අවම බාධාවන් සහිතව සම්පූර්ණයෙන් ෂීට් වියලා ගැනීම සදහා මෙම වැඩිදියුණු කල වියලුම් ඒකකය 60 0C ක උෂ්ණත්වකදී දුම්ගැසීම නිර්දේශ කරයි.
  • • ක්‍රේප් රබර් නිෂ්පාදනය කිරීමේ දී යොදාගන්නා ලද සැකසුම් ජලයෙහි අඩංගු විය හැකි මුළු යකඩ ප්‍රමාණය සදහා වන ප්‍රමිතිය වත්මන් අගය වන 1 ppm සිට 5ppm දක්වා ඉහල නැංවීමට යෝජනා කිරීම.

කළමනාකරුවන්, ක්ෂේත්‍ර කර්ය මණ්ඩල සහ කර්මාන්තශාලා කාර්ය මණ්ඩල සදහා මෙට්‍රොලැක් උපකරණ අදාල ගැටලු, ආරක්ෂාකාරිව රසායන ද්‍රව්ය හැසිරවීම, සාන්ද්‍ර රබර් කිරි හා වියලි රබර් නිෂ්පාදනය, දුම් ගැසූ රබර් රොටි වර්ග කිරීම සහ වියලීම යනාදිය පිලිබදව සකස් කරන ලද පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. (අයකිරීම් : පුහුණු සැසිවල කාල පරාසය මත අයකිරිම රදාපවතී).

  1. Sudusingha Y.C.Y, R. D Illeperuma, A. K. D. W Prasad, S. Siriwardena, A New Protocol for Reuse of Processing Water during Milling Process of Crepe Rubber”,

    Proceedings of “The 7th Seventh Symposium on Plantation Crop Research”, Marino Beach Hotel, Colombo Sri Lanka, 2019

  2. De Zoysa D.M.D.A, Sudusinghe Y.C.Y, Senevirathne A.M.W., Siriwadena S, Wijesinghe H.G.I.M, "A novel Method to Manufacture Skim Crepe Rubber with Low Nitrogen Content Using Pineapple Juice Treated Skim Latex”,

    Proceedings of “ 3rd International Research Conference of Uva Wellassa University”, Sri Lanka. 2019

  3. Sudusingha Y.C.Y, R. D Illeperuma, A. K. D. W Prasad, S. Siriwardena, “A Case Study on Feasibility of Reutilization of Processing Water Generated at a Pale Crepe Rubber Factory in Sri Lanka”

    Proceedings of “SLCARP International Agricultural Research Symposium, Taj Samudra Hotel, Colombo, Sri Lanka, 2018

  4. Sudusingha Y.C.Y., Siriwardena S., Adhikari A.M.K.S.P, Illeperuma R. D., “Study of DMA Properties of Different Types of Natural Rubber Composites”

    Proceedings of “3rd Biennial International Symposium, University of Sri Jayewardenepura Nugegoda, Sri Lanka, 2017

  5. Illeperuma R. D., Sudusingha Y.C.Y., Siriwardena S., “Cure Characteristics and Physico-  Mechanical Properties of Natural Rubber Composi.es Filled with Used Tea Waste”

    Proceedings of “3rd Biennial International Symposium, University of Sri Jayewardenepura  Nugegoda, Sri Lanka,2017

  6. Adhikari A.M.K.S.P, Sudusingha Y.C.Y, “Correlation between Brookfield viscosity and dry rubber content in natural rubber latex; RRISL 121 Clone”

    Proceedings of “3rd Biennial International Symposium, University of Sri Jayewardenepura Nugegoda, Sri Lanka, 2017

  1. U N Ratnayake, D E Prematunga, C Peiris, V Karunaratne, Gihan A J Amaratunga. (2015) “Effect of polyethylene glycol intercalated organoclay on vulcanization characteristics and reinforcement of natural rubber nanocomposites” publish in Journal of Elastomer and Plastics
  2. S. Rathnayake, P. Dharmathilaka, A. K. D. Warnajith and Siriwardena, S., Raw rubber and curing properties of smoked sheet rubber made out of ammonia preserved natural rubber latex , Proceeding of SLCARP international conference, SLCARP, Colombo, 2014
  3.  A  Amarasiri, U N Ratnayake, U K De Silva, S Walpolage, S Siriwardene (2013) “Natural Rubber Latex-Clay Nanocomposite: use of montmorillonite clay as an alternative for conventional CaCO3” Journal of National Science Foundation of Sri Lanka, 41 (4).
  4. Kumarasinghe, L Samaranayake, F Bondino, E Magnano, N Kottegoda, E  Carlino, U N Ratnayake, A Alwis, V Karunaratne, G Amaratunge. (2013)  “Self-Assembled Multilayer Graphene Oxide Membrane and Carbon Nanotubes Synthesized Using a Rare Form of Graphite" Journal of Physical Chemistry C, 117 (18) pp 9507-9507.
  5. S  Siriwardena, A Attanayake, P H Sarath Kumara, N Karunathilake, H V K Gamage, M M A B Munasinghe. (2012). Raw rubber properties of crepe rubber manufactured from preserved natural rubber latex using different combinations of preservatives. Journal of the Rubber Research Institute of Sri Lanka 92, 32-43, 2012 .
  6. M. P. Dhanushika, B. M.S. G. Banneheka, Keminda Herath, and Siriwardena, S. “Use of Statistical software to construct I-MR control charts for non normal data”,  Proceedings of ITRU Research Symposium, 21st November, 2012, University of Moratuwa.     
  7. B. Haworth, U N Ratnayake(2011), “Co-intercalation in PP-clay nanocomposites: Effect of    short chain-additives on rheological properties” International Polymer Processing, XXVI
  8. U N Ratnayake, P H Sarath Kumara, T A S Siriwardena, A K D W Prasad, V C Rohanadeepa (2010) “ Effect of iron in processing water on quality of crepe rubber” Journal of Rubber Research Institute of Sri Lanka, 91, (2011).
  9. S Siriwardena. P H Sarath Kumara, U M S Priyanka (2011), “ The performance of an accelerated drying system for drying of skim natural rubber laces. Journal of the Rubber Research Institute of Sri Lanka 91, 74-86.
  10. U N Ratnayake, “Application of nanotechnology to upgrade Sri Lankan rubber industry” Journal of the National Institute of Plantation Management, 25 (2), (2011).
  11. S. L. S. RasHida, Siriwadena, S. C. Rohanadeepa, A. K. D. Warnajith, and A. Nugawela, “Development of new manufacturing process of crepe rubber for smallholder sector”, Research symposium of Wayaba University 2011     
  12. U N Ratnayake, A K D W Prasad, W D R Wijesinge, “Viscoelastic behaviour and reinforcement of montmorillonite clay filled natural rubber latex nano-crepe rubber” International Rubber Research Development Board (IRRDB) conference – 2014, 21 – 23 November, Manila, Philippines.
  13. U N Ratnayake, G M C Alwis, N Kottegoda, “Vulcanization characteristics and reinforcement of quaternary alkyl ammonium modified clay filled natural rubber nanocomposites” International Rubber Conference (IRC) - 2014, 16 – 18 Sept. Beijing International Convention Centre, China.
  14. G M C Alwis, U N Ratnayake, N Kottegoda, “Effect of nanoclay on reinforcement of natural rubber nanocomposite” Proceedings of the Young Scientist Forum Symposium- 7th Feb 2014, pp 8-11
  15. W D R Wijesinghe and U N Ratnayake, “Value addition to waste acrylonitrile butadiene rubber through nanotechnology applications” Proceedings of the Young Scientist Forum Symposium- 7th Feb 2014, pp 201-2
  16. D.M.M.D. Jayasingha, N.S Withanage, U N Ratnayake “Reinforcing Effect of Organically Modified Montmorillonite Clay in Skim Rubber Nanocomposites” Research Symposium Dec. 12-13, 2013,  UvaWellassa University. "Value Addition Towards Economic Growth & Prosperity”, pp 20-22
  17. A.C.C. Jayasinghe, R.M.S.D. Rathnayaka, U N Ratnayake “Effect of Storage Conditions on Viscoelastic Properties of Crepe Rubber” Research Symposium Dec. 12-13, 2013,  UvaWellassa University. "Value Addition Towards Economic Growth & Prosperity”, pp 16-19
  18. J Ketiperachchi, U N Ratnayake, “NaturalRubber/Clay Nanocomposites: Effect of Organic Modifier of Clay on Cure Characteristics and Mechanical Properties” International Symposium on Polymer Science and Technology 2012, University of Sri Jayewardenepura, Sri Lanka

වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk