
ඩාර්ටන්ෆීල්ඩ් හි ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතන පුස්තකාලය 1953 දී ආරම්භ කරන ලද්දේ රබර් අංශයේ තොරතුරු අවශ්‍යතා සපුරාලීමේ වගකීමෙනි. රත්මලාන පුස්තකාලය 1975 දී පිහිටුවන ලද අතර රබර් තාක්ෂණය පිළිබඳ පොත් සහ වාර සඟරා එකතුව රත්මලාන පුස්තකාලයට ගෙන යන ලදී. පුස්තකාලයේ මූලික පරමාර්ථය වන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා විද්‍යාඥයින්ට, ව්‍යාප්ති නිලධාරීන්ට සහ සාමාන්‍ය ජනතාවට පර්යේෂණ කිරීම සඳහා තොරතුරු සැපයීමයි.
චානිකා විජේසේකර මහත්මිය දැනට පුස්තකාලයාධිපති හා ප්‍රකාශණ නිලධාරී ලෙස සේවය කරයි. ඇය කැළණිය විශ්වවිද්‍යාලයෙන් පුස්තකාල හා විඥාපන විද්‍යා විශේෂ උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ද සහිතව 2015 වසරේදී ලබාගෙන ඇත. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයෙන් 2017 වසරේදී දෙමළ ඩිප්ලෝමා මූලික පාඨමාලාව සම්පුර්ණ කර ඇත. ඇය කැළණිය විශ්වවිද්‍යාලයෙන් 2019 වසරේදී තම සමාජීය විද්‍යාපති උපාධිය සම්පුර්ණ කර ඇත. චානිකා විජේසේකර මහත්මිය මේ වන විට පර්යේෂණ පත්‍රිකා 08ක් පමණ සඟරා සහ දේශීය, විදේශීය සම්මන්ත්‍රණ පත්‍රිකා හි ප්‍රකාශයට පත් කර ඇත.
| පුස්තකාලයේ ප්‍රධාන ක්‍රියාකාරකම් | |||||||||||||||||||
|
|||||||||||||||||||
| Services | |||||||||||||||||||
|